image

NDDCB වෘත්තීන්

අයදුම්පත් ඉදිරිපත් කිරීමට පෙර කරුණාකර පහත උපදෙස් සලකා බලන්න.

  • ඔබ විසින් අයඳුම්පත සම්පුර්ණ කළ යුත්තේ මාර්ගගත ක්‍රමයට (Online) පමණි.
  • අයඳුම්පත සම්පුර්ණ කිරීමට පෙර ඔබ විසින් අයඳුම් කිරීමට බලාපොරොත්තු වන තනතුරට අදාලව, මෙහි දක්වා ඇති හෝ ගැසට්පත්‍රයේ දක්වා ඇති උපදෙස් හොදින් කියවා තේරුම් ගැනීමෙන් අනතුරුව අයඳුම්පත සම්පුර්ණ කරන්න.
  • ඔබ විසින් තනතුරු කිහිපයක් සඳහා අයඳුම්කරන්නේ නම්, ඒ සඳහා වෙන වෙනම අයඳුම්පත් යොමුකල යුතු ය.
  • අයඳුම්පත සම්පුර්ණ කිරීමේ දී,

  • අයඳුම්පත ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් සම්පුර්ණ කළ යුතුය.
  • පළමුව ඔබ අයඳුම් වර්ගය නිවැරදිව තේරිය යුතුය(Please select your applicant type (select only one)).
  • මෙහිදී දැනට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ස්ථිර සේවකයන් පමණක් Internal Applicant යන්නට අයත් වේ.
  • සෙසු සියළු අයඳුම්කරුවන් External Applicant වේ.
  • දෙවනුව ඔබ විසින් බඳවාගැනිමේ විභාගයට පෙනී සිටීමට අවශ්‍යතාවක් වුවහොත් එසේ පෙනී සිටීමට අපේක්ෂා කරන මාධ්‍යය නිවැරදිව තෝරන්න ( ඉල්ලුම් කල හැක්කේ එක් මාධ්‍යයක් පමණි). අයඳුම්පත්‍රය Submit කිරීමෙන් පසුව කිසිදු හේතුවක් නිසාවෙන් නැවත මාධ්‍යය වෙනස් කරනු නොලැබේ.
  • තෙවනුව අයඳුම්පත්‍රයේ අංක 1 සිට 5 දක්වා අදාල තොරතුරු නිවැරදිව සම්පුර්ණ කළ යුතුය.
  • අයඳුම්පත්‍රයේ අංක 1 හි, Post Applied For යන්නට ඔබ අයඳුම් කරන තනතුර නිවැරදිව සටහන් කළ යුතු වේ ( ඒ සඳහා ඉංග්‍රීසි දැන්වීම පත්‍රය භාවිත කරන්න).
  • විභාග ප්‍රවේශ පත්‍රය / සම්මුඛ පරික්ෂණය සඳහා කැදවීමේ ලිපි යොමු කරනු ලබන්නේ තාවකාලික ලිපිනයට වේ.
  • අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ස්ථිර සේවකයන් පමණක් අයඳුම්පත් ගාස්තු නොගෙවිය යුතු අතර, සෙසු සියළුම බාහිර අයඳුම්කරුවන් රු. 500/-ක අයඳුම්පත් ගාස්තු ගෙවීම අනිවාර්ය වේ.
  • ඔබ තනතුරු කිහිපයකට අයඳුම් කරන්නේනම් අදාල තනතුරු සඳහා වෙන වෙනම අයඳුම්පත් ගාස්තු ගෙවිය යුතුවේ.
  • අයඳුම්පත් ගාස්තු ගෙවීමේ දී,

  • ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් “අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය” නමින් ලංකා බැංකුවේ කෝපරේට් ශාඛාවේ (Corporate Branch) අංක 00001643 යටතේ පවත්වාගෙන යන ගිණුමට බැර කර (මාර්ගගත ක්‍රමයට හෝ CDMA මාර්ගයෙන් ද ඉහත සඳහන් මණ්ඩලයේ ගිණුමට ගෙවීම් සිදු කල හැකිය), මුදල් තැන්පතු පත්‍රිකාවේ පිටපතක් ඔබ ළඟ තබාගෙන එහි මුල් පිටපතේ (Deposit slip) ඉහලින්, නිල්පැහැති පෑනක් පමණක් භාවිතාකර ඔබ අයදුම් කරන තනතුර පැහැදිලි අකුරින් සටහන් කර අයදුම්පතට අමුණා එවිය යුතුය.
  • අයදුම්පත් ගාස්තුව නැවත ගෙවනු නොලැබේ.
  • අයඳුම්පත්‍රයේ අංක 6 කොටස සම්පුර්ණ කිරීමේදී,
    Bank Name - ඔබ විසින් මුදල් ගෙවන ලද බැංකුවේ නම
    Branch - මුදල් ගෙවන ලද බැංකු ශාඛාව
    Account Number -මාර්ගගත ක්‍රමයට මුදල් ගෙවන ලද්දේ නම් එම ගිණුම් අංකය(CDMA හෝ බැංකුවට ගෙවන ලද්දේනම් 00001643 අංකය යොදන්න)
    Transaction ID / Reference No (if applicable) - මාර්ගගත ක්‍රමයට හෝ බැංකුවට මුදල් ගෙවන ලද්දේනම් එහි මුද්‍රිත අංකය ද, CDMA මඟින් මුදල් ගෙවන ලද්දේනම් එහි මුද්‍රිත අංකය ද යොදන්න.
  • සම්පූර්ණ කරන ලද අයඳුම්පත “Submit Application” ‍බොත්තම (Tab) භාවිත කිරීමෙන් අනතුරුව එහි පිටපත බාගත කර, එම දෘඩ පිටපතට මුදල් ගෙවු රිසිට්පතෙහි මුල් පිටපත ඇමිණිය යුතු වේ.
  • Submit Application කිරීමෙන් පසුව කිසිඳු වෙනස් කිරීමක් සිදු කළ නොහැක. බාගත කරන ලද අයඳුම්පත්‍රයේ ඔබ විසින් වෙනස්කම් සිදුකර තිබුනහොත් එවැනි අයඳුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
  • රජයේ දෙපාර්තමේන්තු/ සංස්ථා/ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවයේ නියුතු අයදුම්කරුවන් අදාළ ආයතන/ දෙපාර්තමේන්තු ප්‍රධානීගේ අනුමැතිය සහිතව අයදුම්පත් යොමු කළ යුතුය.
  • අයඳුම්පත්‍රයේ ඔබ විසින් සපයා ඇති තොරතුරු සත්‍ය සහ නිවැරදි බවට ප්‍රකාශ කර, කිසියම් අසත්‍ය තොරතුරක් පසුව අනාවරණය වුවහොත් අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට හෝ රැකියාව අවසන් කිරීමට හේතු විය හැකි බව ඔබ තේරුම් ගත් බවට ඔබ විසින් අත්සන් කළ යුතුවේ.
  • ලියුම් කවරයේ වම් පස ඉහළ කෙලවරේ අයදුම්කරන තනතුර පැහැදිලිව සටහන් කර, අදාළ සහතිකවල පිටපත් සමඟ ලියාපදිංචි තැපෑලෙන් “සභාපති, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, 383, කෝට්ටේ පාර, රාජගිරිය” යන ලිපිනයට අයඳුම්පත් බාරගන්නා අවසන් දිනට පෙර යොමුකල යුතුය.
  • ඉහත උපදෙස් පරිදි අයඳුම්පත ලබාගැනීම සඳහා මෙය CLICK HERE භාවිතා කරන්න.
  • අයදුම්පත් භාරගන්නා අවසන් දිනට නියමිත සුදුසුකම් සපුරා නොමැති අයඳුම්පත් / අසම්පූර්ණ අයඳුම්පත්/ මුදල් තැන්පතු පත්‍රිකාවේ මුල් පිටපත අමුණා නොමැති අයඳුම්පත්/ මාර්ගගත ක්‍රමයට (Online) සම්පුර්ණ කර, බාගත (Download) කරන ලද අයඳුම්පත හැර යොමුකරන ලද වෙනත් අයඳුම්පත්/ අදාල සහතික වල පිටපත් අමුණා නොමැති අයඳුම්පත් හා අයඳුම්පත් භාරගන්නා අවසන් දිනට පසුව ලැබෙන අයදුම්පත් කිසිඳු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.
  • අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ තීරණය, අවසාන තීරණය වේ.
  • මේ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසීම සඳහා 0112868794 -6 හා දිගු අංකය 207 / 205 අමතන්න.

  • අභ්‍යන්තර / බාහිර පුරප්පාඩු

    සහකාර නීති නිලධාරි පුරප්පාඩුව

    සිංහල දැන්වීම බාගතකරන්නnew
    ඉංග්‍රීසි දැන්වීම බාගතකරන්නnew
    දමිල දැන්වීම බාගතකරන්නnew

    ආදර්ශ අයදුම් පත්‍රය
    අයදුම් පත්‍රයnew
    ප්‍රකාශිත දිනය : 2025/10/31

    බඳවා ගැනීමේ විභාග ප්‍රතිඵල



    අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යනු ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණින් සිය කාර්යයන් ඉටු කරන පුරෝගාමී රාජ්‍ය ආයතනයයි. අනෙකුත් කාර්යයන් අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තැනැත්තන්ට ප්‍රතිකාර ලබා දීම සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙහි ප්‍රධාන කාර්යභාරයන් වේ.

    සම්බන්ධ වන්න

    සමාජ මාධ්‍ය