image

නාමෝදිෂ්ඨ හා පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන අංශය

නාමෝදිෂ්ඨ හා පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන අංශය
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන් වර්ධනය කිරීම උදෙසා පෞද්ගලික අංශය මඟින් පවත්වාගෙන යන පෞද්ගලික මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන සඳහා බලපත්‍ර නිකුත් කර ඇත. එසේම නීතියෙන් මත්ද්‍රව්‍ය ඇබ්බැහිය සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයින් බන්ධනාගාර ගත වූ පසු ඉන් මුදවා ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා නම් කරන ලද ප්‍රතිකාර මධ්‍යස්ථාන 10 ක් 2010 අංක 1653/19 දරණ ගැසට් පත්‍රය මඟින් නම් කර ඇත. එබැවින් මෙසේ ඉහත සඳහන් කළ සියලු මධ්‍යස්ථානයන් තුළ ගුණාත්මක මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවක් සිදුකිරීමේ සාර්ථකත්වය සම්බන්ධව අධීක්ෂණය කිරීම, තාක්ෂණික සහයෝගය ලබාදීම මෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපනය සම්බන්ධ සුදුසු නියෝග නිකුත් කිරීම ද මණ්ඩලයේ පූර්ණ වගකීමක් වනු ඇත.



අංකය නම් කරන ලද ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නම ලිපිනය දුරකථන අංකය
1 අඹේපුස්ස බන්ධනාගාරය අඹේපුස්ස බන්ධනාගාරය ,පබෝධා මෙත්සෙවන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය,අඹේපුස්ස. 035 4677525 / 518
2 වීරවිල බන්ධනාගාරය වීරවිල එළිමහන් බන්ධනාගාරය කඳවුර ,වීරවිල 047 4677527
3 කළුතර බන්ධනාගාරය කළුතර බන්ධනාගාරය, කළුතර 034 4677501
4 පල්ලන්සේන බන්ධනාගාරය තරුණ වැරදිකරුවන් විශෝධනය කිරීමේ මධ්‍යස්ථාන, මීගමුව 031 4677501
5 වටරැක බන්ධනාගාරය වටරැක බන්ධනාගාරය, වටරැක . 011 4677517
6 අනුරාධපුරය බන්ධනාගාරය අනුරාධපුරය බන්ධනාගාරය, අනුරාධපුරය. 025 4677501 / 507
7 මීතිරිගල බන්ධනාගාරය මීතිරිගල එළිමහන් වැඩ කඳවුර, මීතිරිගල 011 4677578
8 කන්දෙවත්ත බන්ධනාගාරය කන්දෙවත්ත එළිමහන් වැඩ කඳවුර, කන්දෙවත්ත, මීතිරිගල.. 114677576
9 තල්දෙන බන්ධනාගාරය තල්දෙන තරුණ වැරදිකරුවන් විශෝධනය කිරීමේ කඳවුර, බදුල්ල. 055 3128437
10 පල්ලෙකැලේ එළිමහන් සිරකදවුර පල්ලෙකැලේ එළිමහන් බන්ධනාගාරය, පල්ලෙකැලේ 081 4677545
11 කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන
මධ්‍යස්ථානය
කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, පොලොන්නරුව. 112883891

පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යනු ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණින් සිය කාර්යයන් ඉටු කරන පුරෝගාමී රාජ්‍ය ආයතනයයි. අනෙකුත් කාර්යයන් අතර, මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූ තැනැත්තන්ට ප්‍රතිකාර ලබා දීම සහ මත්ද්‍රව්‍ය යැපෙන්නන් පුනරුත්ථාපනය කිරීම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හි ප්‍රධාන කාර්යභාරයන් වේ.පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන මත්ද්‍රව්‍ය භාවිතාකරන සේවාලාභීන් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට හා පුනරුත්ථාපනය වීමට අවශ්‍ය පහසුකම් සපයයි.ඒ අනුව ඔවුන්ට ස්වේචාවෙන් ,ගාස්තු ගෙවා එම මධ්‍යස්ථාන වලට ඇතුලත් විය හැක.

අංකය පුද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නම ලිපිනය දුරකථන අංකය
1 බෙතෙස්දා පුනර්ජීව” ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අංක 60/14, ෆාතිමා වත්ත, දලුවකොටුව, කොච්චිකඩේ. 773955286
2 “මිතුරු මිතුරෝ” පුනර්ජීවා ප්‍රතිකාර හා
පුනරුත්ථාපන මධ්‍යස්ථානය
රිල්හේන, පැල්මඩුල්ල 714232810
3 “නිදහස ”ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අංක 26, ශ්‍රී සද්ධාතිස්ස මාවත, හිග්ගස්හේන, කුරුවිට. 711100501
4 “සෙනෙහස” ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අංක 80, තුන්බෝවිල, පිලියන්දල. 771251578
5 “නිසංසල” ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අංක 108, කිනිගම, බුත්පිටිය, ගම්පහ. 770289531
6 අදුරින් ආලෝකය ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අංක 163, කුඩුමිරිස, කඩවල, කටාන. 768535453
7 “මාසි හවුස්” ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඉළිඹ, කදන, හොරණ 775110259
8 “මිදුම” ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය “සමන් පියස”, විජය කුමාරතුංග පටුමග, එඩේරමුල්ල, වත්තල. 777368332
9 “බලය නිවස” ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය පරමාවලහේන වත්ත, බමුණුමුල්ල, බණ්ඩාරගම. 777642814
10 “මෙල්මැදුර” ප්‍රතිකාර මධ්‍යස්ථානය අංක 60, හෝර්ටන් පෙදෙස, කොළඹ 07. 0714307799
11 “ජයවිරු සමාධි නිවහන” ප්‍රතිකාර හා
පුනරුත්ථාපන මධ්‍යස්ථානය
අම්බලන් වත්ත උතුර, පුවක්පිටිය, අවිස්සාවේල්ල. 702088420
12 “සමාධි නිවහන” ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය හාලි ඇළ ,උඩුවර 723930891
13 “විමෝචනා” ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය නව කල්මුනේ පාර, මඩකලපුව. 776684671


පිරික්සුම් ලැයිස්තු අයදුම්පත්‍රය

අයදුම්පත්‍රය බාගතකරන්නnew