image

පර්යේෂණ අංශය

පර්යේෂණ අංශය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩයෙහි ප්‍රධාන අංශයකි. පර්යේෂණ හැසිරවීමේ වගකීම දරන අතර පර්යේෂණ අධ්‍යයන හා සමීක්ෂණ සිදු කිරීම, මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ වාර්ෂික අත්පොත ඇතුළු ප්‍රකාශන ප්‍රකාශයට පත් කර ප්‍රතිපත්ති සම්පාදකයින්, සේවා සපයන්නන් , අන්තරායකර ඖෂධ වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා සම්බන්ධ ආයතන, පහසුකම් සපයන්නන්, වෙනත් ජාතික හා ජාත්‍යන්තර සංවිධාන සඳහා අන්තරායකර ඖෂධ වැළැක්වීම සහ පාලන ක්‍රියාකාරකම් සඳහා තොරතුරු බෙදාහැරීම සිදුකරයි.


පර්යේෂණ අංශය විසින් රටේ මත්ද්‍රව්‍ය ගැටලුව තක්සේරු කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා රජය සහ රාජ්‍ය නොවන ආයතන, සිවිල් සමාජ, සාමාන්‍ය ජනතාවගෙන් තොරතුරු රැස්කර ප්‍රතිපත්ති සංශෝධනය කිරීම, නව ප්‍රතිපත්ති හඳුන්වා දීම සහ තීරණ ගැනීම සඳහා තොරතුරු සපයයි.




1984 අංක 11 දරන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පනත 7 (අ), (ආ) සහ (ඊ) වගන්තියට අනුව පර්යේෂණ අංශයේ කාර්යයන් පහත පරිදි වේ.

(අ) උප කොටස - අන්තරායකර ඖෂධ අනිසි භාවිතය වැළැක්වීම සහ පාලනය කිරීම සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ සමාලෝචනය කිරීම සහ එවැනි ප්‍රතිපත්තියක් පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් හා නිර්දේශ ඉදිරිපත් කිරීම.

(ආ) උප කොටස - මණ්ඩලයේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා සාධාරණ ලෙස අවශ්‍ය විය හැකි පුද්ගලයන්, සංවිධාන, රජයේ දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සංස්ථා වෙතින් තොරතුරු ඉල්ලා සිටිම.

(ඊ) උප කොටස -අන්තරායකර ඖෂධ අනිසි භාවිතය පිළිබඳ ව්‍යාප්තිය, හේතු සාධක සහ නෛතික, වෛද්‍ය, සමාජ, සංස්කෘතික හා ආර්ථික බලපෑම් පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යයන භාර ගැනීම සහ පවත්වාගෙන යාම.

ඉහත කාර්යයන්ට අමතරව,

  • මත්ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයින්ගේ මත්ද්‍රව්‍ය භාවිතයේ, ව්‍යාප්තිය සහ ලක්ෂණය තීරණය කිරීම, මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රවණතා සහ රටාවන් අධීක්ෂණය කිරීම, ජනගහනයේ “අවදානම් සහිත” කණ්ඩායම් හඳුනා ගැනීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා පර්යේෂණ අංශය මත්ද්‍රව්‍ය අනිසි අධීක්ෂණ පද්ධතිය (DAMS) පවත්වාගෙන යයි. .
  • අන්තරායකර ඖෂධ පාලනය කිරීමේ ක්‍රියාකාරකම් සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්, සේවා සපයන්නන්, අවශ්‍ය සේවාවන්, පහසුකම් සපයන්නන්, වෙනත් ජාතික හා ජාත්‍යන්තර සංවිධාන (UNODC / WHO / SAARC / UNDP) වෙත මත්ද්‍රව්‍ය භාවිතය හා මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු බෙදාහැරීම සහ ප්‍රකාශයට පත් කිරීම.
  • පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාලේඛන එක්රැස් කර විශ්ලේෂණය කර වාර්තා ඉදිරිපත් කරනු ලැබේ.
  • ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය / රාජ්‍ය නොවන සංවිධාන / බන්ධනාගාරවල අන්තරායකර ඖෂධ වැළැක්වීම, දුරස්ථභාවය සහ ප්‍රතිකාර හා පුනරුත්ථාපන වැඩසටහන් ඇගයීම සහ පසු විපරම් කිරීම තුලින් ප්‍රතිපත්ති සැකසීම.
  • මාදක පාලක කාර්යාංශයට, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශයට,ලෝක සෞඛ්‍ය සංවිධානයට,දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සම්මේලනයට මත්ද්‍රව්‍ය ආශ්‍රිත තොරතුරු ලබා දීම.
  • අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය , එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශයෙහි සහය ඇතිව සංවිධානය කරනු ලබන නීතිය බලාත්මක කිරීමේ පුහුණු වැඩසටහන් ක්‍රියාවට නැංවීම.
  • පර්යේෂණ අංශයේ උපායමාර්ග

    - ප්‍රකාශන සහ හුවමාරු කර ගැනීම
    - ප්‍රවණතා විශ්ලේෂණය
    - දත්ත කළමනාකරණ පද්ධතිය පවත්වාගෙන යාම
    - පුහුණු වැඩමුලු හා දැනුම බෙදාහැරීම
    - පර්යේෂණ අධ්‍යයන සහ සමීක්ෂණ
    - ජාත්‍යන්තර සහයෝගීතාවය

    පර්යේෂණ කාර්ය මණ්ඩලය

    අධ්‍යක්ෂ
    භද්‍රානි සේනානායක මිය
    දුරකථන: +94 112 873 718
    විද්‍යුත් ලිපිනය: badrani@nddcb.gov.lk
    ෆැක්ස්: +94 112 869 805

    සහකාර අධ්‍යක්ෂ
    ඒ. ටී දර්ශන
    විද්‍යුත් ලිපිනය: darshana@nddcb.gov.lk

    පර්යේෂණ නිලධාරීන්:
    බී. වී. හිරුනි වත්සලා චතුරංගි මිය
    එස් .ඒ. එම්. එස්. ප්‍රියදර්ශන මහතා
    ඒ. නිලානි රේණුකා මිය
    පී. එන්. එස්. තිසේරා මෙනවිය
    එස්. වසන්ත ප්‍රදීප් කුමාර මහතා

    සහකාර පර්යේෂණ නිලධාරීන්:
    ජී. ජී.අසංකා මධුහංසි මෙනවිය
    කේ. ඩී. අර්ජුන රණසිංහ මහතා
    එච්. එම්. භාග්‍යා මධුෂානි හේරත් මෙනවිය
    ජී. හංසිකා කෙතුමාලි මිය
    තුෂාරි වලස්මුල්ලගේ මෙනවිය

    පර්යේෂණ සහකාර:
    එච්. එම්. භද්‍ර කුමාරි හේරත් මිය

    කළමනාකරණ සහකාර:
    රාජේශ්වරන් සුරාජි මෙනවිය