image

ප්‍රතිකාර හා පුනරුත්ථාපන අංශය

අරමුණු

  • නේවාසික ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන් සැපයීම
  • ප්‍රජා ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන් සැපයීම
  • සායන වෙත යොමු කරමින් අවශ්‍යතාවය මත ඖෂධ සපයමින් උපදේශන සේවාවන් සැපයීම
  • නිවසේ සිටම මත්ද්‍රව්‍යයෙන් නිදහස් වීමට අවශ්‍ය සේවාවන් හා උපදේශන සේවාවන් සැපයීම
  • මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පුද්ගලික වශයෙන් මෙන්ම සාමාජීයය වශයෙන් පුද්ගලයාට එල්ලවන බාධාවන් අවම කිරීම
  • මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින් එයින් නිදහස් කර ඔවුන්ගේ දක්ෂතා හදුනාගෙන ඊට අදාල වෘත්තීය පුහුණු පාඨමාලාවන්ට සම්බන්ධ කරවමින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම
  • මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින් එයින් නිදහස් කර රටේ තාරුණ්‍යය නිවරදි මගකට යොමු ශක්තිය ඇති කිරීමට යොමු කිරීම
  • මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සදහා අවශ්‍ය උපදේශන සේවා සපයමින් අදාල වෙනත් රාජ්‍ය නිළධාරීන්ගේද සහාය ලබා දෙමින් ඔවුන්ගේ ජීවන තත්වය උසස් කිරීම
  • නේවාසික මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපනයෙන් බැහැර වූ පසුව මතින් නිදහස් තත්වය පවත්වාගෙන සදහා අවශ්‍ය පසුරැකවරණ සේවාවන් සැපයීම


  • ප්‍රතිකාර වැඩසටහන

    මණ්ඩලය විසින් පවත්වනු ලබන ප්‍රතිකාර වැඩසටහනේ කාලය වසරකට වඩා වැඩිය. නේවාසික ප්‍රතිකාර සඳහා සේවාදායකයින් මාස දෙකක් මධ්‍යස්ථානයේ රැඳී සිටිය යුතුය. ඒ අනුව ගෙවීම් සහිතව සේවාදායකයින් ඇතුළත් කර ගැනීම සඳහා දින 14 ක ප්‍රතිකාර වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ. නේවාසික කාලය අවසන් වූ පසු සේවාදායකයා නැවත මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමේ වැඩසටහනට ඇතුළත් වනු ලැබේ. සේවාදායකයාගේ සුවය ලබා ගැනීමේ ක්‍රියාවලියට සහාය වීම සහ අපහසු හැඟීම් කළමනාකරණය කරගැනීමට සහය ලබාගැනීමට මෙහිදී සේවාදායකයාගේ දෙමාපියන් / භාරකරුවන් ද ක්‍රියාකාරීව සහභාගි කරගනු ලැබේ.

    නේවාසික වැඩසටහනට සාමාන්‍ය ජීවන රටාවන්ට අනුකූල ක්‍රියාකාරකම් හා අත්දැකීම්ද, රසාස්වාදනය තීව්‍ර කිරීමේ ක්‍රියාකාරකම්, නීරෝගී සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීම සදහා ක්‍රීඩා ව්‍යායාම් යෝගා වැනි ක්‍රියාකාරකම්, උසස් මානසික සුවයක් ලබා ගැනීම සදහා මනෝ උපදේශනයන් හා සතිමත්බව ඇතිකිරීමේ ක්‍රියාකාරකම් මෙන්ම අධ්‍යාත්මික සුවය ලබාගැනීම සදහා සරල ආගමික ක්‍රියාකාරකම් මෙන්ම සාමූහිකත්වය තුලින් ජයග්‍රහනය ලැබීම,ජය පරාජය එකසේ පිළිගැනීම ට හුරු කරවන ක්‍රියාකාරකම් මෙන්ම තමන්ගේ දක්ෂතාවයන් ඔප් නංවා ගැනීමේ ක්‍රියාකාරකම් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතයෙන් පුද්ගලයෙකු නිදහස් කරගැනීම සදහා ලොව පිළිගත් මට්ටමේ උසස් ක්‍රියාකාරකම් වලින් යුක්ත විද්‍යාත්මක වැඩසටහන් ක්‍රියාත්මක වේ.

    ප්‍රතිකාර ක්‍රියාකාරකම්

    කණ්ඩායම් උපදේශනය, තනි පුද්ගල උපදේශනය සහ පවුල් උපදේශනයන් අවශ්‍යතාවය අනුව ක්‍රියාත්මක වේ.තවද,

  • අධ්‍යාපන වැඩසටහන
  • මනෝ අධ්‍යාපන වැඩසටහන
  • සංගීත චිකිත්සාව, කලා චිකිත්සාව
  • විනෝදාස්වාද වැඩසටහන
  • ආතති කළමනාකරණය (ශාරීරික ව්‍යායාම, භාවනා, යෝග)
  • ඇතුළත හා පිටත විනෝදාත්මක ක්‍රියාකාරකම්
  • වෘත්තීය පුහුණු වැඩසටහන්( වෘත්තීය පුහුණු අධිකාරිය හා සමගාමීව)
  • පසු සත්කාර වැඩසටහන්
  • පසු විපරම් හමු, පවුල් හමු
  • සෞඛ්‍ය නිවාරණ වැඩසටහන
  • කෘෂිකාර්මික කටයුතු
  • සතිමත්බව අධ්‍යාත්මික වැඩසටහන
  • ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන

    මණ්ඩලය සතු මේ වන විට මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන හතරක් තිබේ.මෙම මධ්‍යස්ථාන මගින් මූලික පහසුකම් සමග පිරිසිදු සනීපාරක්ෂක නවාතැන් ,සමබර ආහාර වේලක්,ආදී මූලික අවශ්‍යතා සේවාදායකයින් හට සපයනු ලැබේ.එසේම මනා පුහුණුවකින් යුත් උසස් අධ්‍යාපනයකින් සහිත මිත්‍රශීලි කාර්යමණ්ඩලයක් මගින් උපදේශන කටයුතු සහ පාලන කටයුතු සිදුකරනු ලබයි.එක් එක් පුද්ගලයාගේ ප්‍රතිකාර අවශ්‍යතා තනි තනිව තක්සේරු කරනු ලබයි.ඒ අනුව සකස් කරගන්නා ලද ප්‍රතිකාර සැලැස්මකට අනුව ඉදිරි නේවාසික ප්‍රතිකාර හා පුනරුත්ථාපන කාලය තුලදී ප්‍රතිකාර කටයුතු සිදුකරනු ලබයි. මෙය නේවාසික කාලයෙන් පසුවට පවා ක්‍රියාත්මක වනු ලබන දිගු කාලීන ප්‍රතිකාර සැලැස්මක් වන අතර සේවාදායකයා මධ්‍යස්ථානයෙන් නියමිත කාලයට අනුව බැහැරව ගිය පසුද මාසික පසුවිපරම් වැඩසටහනක් පවත්වාගනිමින් සේවාදායකයාගේ පවුලේ සාමාජිකයින් සමගින්ද සම්බන්ධ වෙමින් ප්‍රතිකාර ක්‍රියාවලිය වඩාත් ඵලදායී කරනු ලැබේ.


    NDDCB ප්‍රතිකාර මධ්‍යස්ථාන

    මෙම ඒකකයේ ප්‍රධාන වගකීම වන්නේ මත්ද්‍රව්‍ය ප්‍රතිකාරය සහ පුනරුත්ථාපන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සහ සහාය දීම ය.

    තලංගම

    "තලංගම" ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය 172, ශාන්ති මාවත තලංගම

    දුරකථන: +94 11 2788090
    ෆැක්ස්: +94 11 2788090
    විද්‍යුත් තැපෑල: sethsevana@nddcb.gov.lk



    නවදිගන්තය

    “නවදිගන්තය” ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඌරාපොල, නිට්ටඹුව

    දුරකථන: +94 33 2283060
    ෆැක්ස් +94 33 2283060
    විද්‍යුත් තැපෑල : navadiganthaya@nddcb.gov.lk


    ගාල්ල

    “ගාල්ල” ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය උණවටුන ,ගාල්ල

    දුරකථන: +94 91 2224443
    ෆැක්ස්: +94 91 2224443
    විද්‍යුත් තැපෑල: mithsevana@nddcb.gov.lk



    නුවර

    “නුවර” ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය මාම්පිටිය වත්ත, හන්දෙස්ස පේරාදෙණිය

    දුරකථන: +94 81 2315504
    ෆැක්ස්: +94 81 2315504
    විද්‍යුත් තැපෑල: methsevana@nddcb.gov.lk